“ෂොපින් කලාට ප්‍රශ්නයක් නෑ – ඒත් කොවිඩ් ෂොපින් කරන්න එපා” – යුද හමුදාපති

194

අවුරුදු උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමය තුළ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත් කොවිඩ් රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බවටයි ඔහු ප්‍රකාශ කළේ.

අවුරුදු සමයේ ජනතාව රෙදිපිළි ඇතුළු භාණ්ඩ ලබා ගැනීමට සාප්පුවලට යන හෙයින් ඒ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳ නියමිත දුර පවත්වා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම “ෂොපින් කලාට ප්‍රශ්නයක් නෑ.– ඒත් කොවිඩ් ෂොපින් කරන්න එපා”යනුවෙන්ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.