ශ්‍රී ලාංකීකයෙකු නවසීලන්ත පොලිසිය වෙඩි තැබු හේතුව මෙන්න

114

නවසීලන්තයේ,ඔක්ලන්ඩ්හි පිහිටා තිබු Lynn Mall සුපිරි වෙළඳ සංකීර්ණය තුළ පුද්ගලයින් හය දෙනෙකුට පිහි ඇනුමක් සිදු කළ පුද්ගලයෙකුට එරට පොලිසිය වෙඩි තබා ඝා’තනය කර තිබෙනවා.

පොලිසියේ,ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ,වෙඩි කෑමට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේම මි’ය ගිය බවයි.

මෙලෙස පිහි ඇ’නුමට ලක් වූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

මේ වනවිට අදාළ සාප්පූ සංකීර්ණය ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි තබා ඝා’තනය කර ඇත්තේ,වසර 10කට ආසන්න කාලයක් නවසීලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකීය ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ