ශ්‍රී ලංකා හමුදාවන්ට අපරාද චෝදනා එල්ල කෙරූ චැනල් ෆෝවේ ෆෝවේ ජෝන් ස්නෝට කොරෝනා වැළදෙයි.

320

බ්‍රිතාන්‍යයේ චැනල් ෆො නිෂ්පාදක ජෝන් ස්‌නෝට ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත. ඉරානයේ සංචාරයක යෙදී ආපසු බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි හෙළි විය.

72 හැවිරිදි වියේ පසුවන ජෝන් ස්‌නෝ පැවසුවේ ඉරානයේ 95 කට කොරෝනා ආසාදනය වී 16 ක්‌ මියගොස්‌ ඇති බවයි. ජෝන් ස්‌නෝ චැනල් ෆො රූපවාහිනියෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තැනැත්තායි.

මේ අතර ජපානයේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසු ඉන්දියාවට පිටත් කර හැර ඇත.

එරටදී දින 14ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් දෙදෙනා යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව ඇත. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව නැංගූරම්ලා තිබූ ජපානයෙන්ද ආසාදිතයින් 863ක් වාර්තා වන අතර ඊයේ දිනයේද එරටින් නව මරණයක් වාර්තා වී තිබුණි. කෙසේ නමුත් ජපාන රජය නැවතත් අවධාරණය කරන්නේ, එම තත්ත්වය සලකා 2020 ඔලිම්පික් උළෙල කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි.