ශ්‍රී ලංකා ලෝක කුසලානයට සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

577

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) ප්‍රකාශයට පත් කළා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර,අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර,ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද,තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන් කළා.

ශ්‍රී ලංකා සංචිතය –

Sri Lanka Cricket Officially Announced Sri Lanka Squad for ICC T20i World Cup