BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් පිළට ස්වයං නිරෝධානය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස්

498

ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකුද,කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත්තා.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර්,යූසුෆ් පතාන්,එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් යන ක්‍රීඩකයින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින්ට ලබන සෙනසුරාදා (අප්‍රේල් 03 සෙනසුරාදා) දක්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

ස්වයං නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු එම ක්‍රීඩකයින්ට යළි PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.