BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සමග ජාතික කණ්ඩායමේ තරගය එපා – අහිතකර බලපෑමක්

336

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතර පැවැත්වීමට සුදානම් වන තරගය සම්බන්ධයෙන් තමන් දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය දුන් ටී එම් ඩිල්ෂාන් සඳහන් කරනවා.

liveat8.lk සමග දුරකථනයෙන් සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තරගය පැවැත්වීමෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අහිතකර මානසික බලපෑමක් එල්ල විය හැකි බවයි.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විවේචන එල්ල වීමත් සමග ඔවුන් මානසික පීඩනයකට ලක්වූ බව තම පුද්ගලික අදහස බව ඩිල්ෂාන් සඳහන් කළා.

තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වන නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය දුර්වල වීම වළක්වාලීමට කටයුතු කළ යුතු බැවින් මෙම තරගය නොපැවැත්වීම සුදුසුය යන්න තම පුද්ගලික අදහස බවයි ටී එම් ඩිල්ෂාන් සඳහන් කරන්නේ.