ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ප්‍රවීණයින් සමග විස්සයි විස්ස ගැටුමකට

1126

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ,අදාළ තරගය විස්සයි විස්ස තරගයක් ලෙස,පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.ඒ අනුව එය ලබන අප්‍රේල් මාසයේදී ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මේ වනවිටත් දසුන් ශානක හට හිමිව ඇති බවත්, ප්‍රවීනයින්ගේ කණ්ඩායමේ නායකයා සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් සඳහන්.

බොහෝ දුරට ප්‍රවීනයින්ගේ කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගය නැරඹීම සඳහා 50%ක වන ප්‍රේක්ෂකයින් හට අවස්ථාව හිමි කරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව කටයුතු කර තිබෙනවා.

අදාළ යෝජනාව ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ විසින් ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.