BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

227

නිමා වූ රෝඩ් සේෆ්ට් ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩා කළ ශ්‍රි ලංකා ලෙජන්ඩ් කණ්ඩායම හා වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා දිනයක් නියම වී තිබෙනවා.

මෙම තරඟය මැයි මස හතරවන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු කළ ඇති අතර තරඟය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙන බවටද සඳහන්.

රෝඩ් සේෆ්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අනුශූරතාවය දිනාගත් අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරඟ 2ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2ක තරඟාවලියක් නිමා කර ශ්‍රී ලංකාට පැමිණ ඇත.