BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය හදන STF හිටපු ප්‍රධානියෙකුත් ඉන්න අලුත්ම කමිටුව මෙන්න

500

පසුගිය සමය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ විනය සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක අදහස් පළවෙමින් තිබුණා.

මෙම විනය කඩ කිරීම් සම්බන්ධයෙන් වැඩියෙන් කතා කිරීමට ලක්වීමට ගත්තේ එංගලන්ත ක්‍රිකට් සංචාරය අතර ක්‍රීඩකයන් තිදෙනෙකු විසින් ජෛව බුබුළේ නීතිය කඩමින් එංගලන්තයේ ඩර්හැම් නගර තුළ විනෝද වෙමින් සිටීම නිසයි.

ඔවුන් තිදෙනා මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට ලක්ව සිටින්නේ තරඟ තහනමක් ද සමඟින්.ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ වහාම විනය පරික්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නව විනය කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.නව කමිටුව සඳහා සාමාජිකයන් 05 දෙනෙකු ඇතුළත්.

මෙම කමිටුවේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ ආරක්ෂක සේවා අංශයේ ඉහළ තනතුරේ සේවය කළ පිරිස් වීමද විශේෂත්වයකි.

ඒ අනුව නව විනය කමිටුවේ සභාපති ධූරය අජිත් වීරසිංහ මහතාට හිමිව තිබෙනවා.

ශ්‍රි ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී මෙන්ම හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රුවයිස් ලතීෆ් මහතාද මෙම විනය කමිටුව ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මීට අමතරව නිරෝෂන් පෙරේරා,නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන් ද ඇතුළත් වෙනවා.