ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවේ දී එලවන්නේ බස් විතරද? ෆෝක්ලිෆ්ට් රියැදුරෙකු ගැනත් අනාවරණයක්

411

මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔස්ට්‍රේලියාවේ බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබන බවට අනාවරණය වීම පසුගිය සතිඅන්තයේ විශාල වශයෙන් අවධානයට ලක් වූ ප්‍රවෘත්තියකි. සුරාජ් රන්දීව් සහ චින්තක ජයසිංහ ඒම ක්‍රීඩකයින් දෙදෙනායි. දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දීව්, 2011 ලෝක ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජිකයෙකු වූ අතර, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස මෙරට පළමු පෙළ තරඟවල නිතරම නම කියැවුණු ක්‍රීඩකයෙකු වූ චින්තක ජයසිංහ විස්සයි 20 තරඟ 5 කදී ජාතික පිල නියෝජනය කර ඇත.

‘බස් රථ රියැදුරු’ කියූ සැණින් අපට මතකයට ඒන්නේ ශ්‍රී ලංකාවේ ‘බස් ඩ්‍රයිවර්ලා’ ය. ඒය කිසිදු වෘත්තීයමයභාවයක් නොමැති රැකියාවකි. ‘ගෞරවනීය වෘත්තීයමය රියැදුරන්’ ලෙස මෙම රැකියාව කරන ඉතා සුළු පිරිසක් සිටිය ද, සමස්තයක් ලෙස බස් රථ රියැදුරු වෘත්තිකයින් සිය වෘත්තියමයභාවය රැක ගැනීමට කටයුතු කරන්නේ නැත. මීට හේතුව නම් අදාළ වෘත්තීය ආචාරධර්මයන් පමණක් නොව සාමාන්‍ය මාර්ග නීති පවා උල්ලංගණය කිිරීම හරහා සිය වෘත්තීයට ‘ගරුත්වයක්’ ලබා දීමට ඔවුන් අපොහොසත් වීමයි. ඊට උදාහරණ අවශ්‍ය තරම් මහ පාරේ දී අපට දකින්නට තිබේ. කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටක මෙකී වෘත්තියේ තත්ත්වය ශ්‍රී ලංකාවට වඩා හාත්පසින් වෙනස්ය. ඒය ශ්‍රී ලංකාවේ මෙන් හුදෙක් රියැදුරු බලපත්‍රයක් තිබීමෙන් පමණක් ලබා ගත හැකි වෘත්තියක් නොවන්නක් බව කිව යුතුය. ඒය වගකීම් සහගත වෘත්තියකි. ඒමෙන්ම නිශ්චිත ගෙවීම් සහිත වෘත්තියකි. ඒකී තත්ත්වයට ශ්‍රී ලංකාවේ බස් කර්මාන්තය දියුණු වී නැත. ශ්‍රී ලංකාව ද දියුණු වී නැත.

ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස බස් රියැදුරු වෘත්තියට යොමුව සිටිය දී මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය විසින් මේ හා සමාන පුවතක් අනාවරණය කර තිබුණි. ඒනම් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ ෆෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙකු ලෙස සේවය කරනු ලබන පුවතකි. 1999 වසරේ දී වේග පන්දු යවන්නෙකු ලෙස සිම්බාබ්වේ පිලට ඒරෙහිව ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසෙන ඉන්දික ගාල්ලගේ නම් මෙම ක්‍රීඩකයාගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ඒක් ටෙස්ට් තරඟයකට සහ ඒක්දින තරඟ 3කට පමණක් සීමාවිය. ඔහුගේ පළමු ටෙස්ට් තරඟය මෙරට තවත් සුපිරි ක්‍රීකයෙකු වූ ටී.ඒම්. ඩිල්ෂාන්ගේ ද පළමු ටෙස්ට් තරඟය වීම විශේෂත්වයකි. 2016 වසරේ දී ESPNcricinfo විසින් මෙම පුවත මුල් වරට අනාවරණය කරනු ලැබීය. ඒහිදී කියැවුණේ ඔහු ඒ වන විටත් මෙල්බර්න් හි ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන බවයි.

ඉන්දික ගාල්ලගේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නිමාවට පත්වීමත් සමඟ ඒංගලන්තයේ ලීග් ක්‍රිකට් සඳහා යොමු වී ඇත. ඉන් අනතුරුව Sunshine Druids ක්‍රිකට් සමාජය හා එක්වීමට සිය බිරිඳ සහ දියණිය සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරනු ලබයි. ඔහුගේ පුතුන් දෙදෙනා උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ දීය. “ඔස්ට්‍රේලියාව හොඳ රටක්. මම පූර්ණ කාලීන ෆෝක්ලිෆ්ට් රියැදුරෙකු සහ අර්ධ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරනවා”, ඉන්දික ගාල්ලගේ ඒකී සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී ප්‍රකාශ කර ඇත.

(ඡායාරූප හිමිකම – © ESPNcricinfo Ltd)

ඒම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
https://www.thecricketmonthly.com/story/1058543/brydon-coverdale-meets-indika-gallage–who-played-one-test-in-1999

(ඉහළ ඡායාරූපය – අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ෆෝක්ලිෆ්ට් මෙහෙයුම්කරුවකුගේ ඡායාරූපයක් වන අතර ඒය මෙහි සඳහන් ක්‍රීඩකයාගේ ඡායාරූපයක් නොවන බව කරුණාවෙන් සලකන්න.)