ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට CoviD-19 එන්නත හිමි නොවන ලකුණු.

385

COVID-19 නොමිලේ එන්නත ලබා දීම සඳහා වන ප්‍රමුඛතා ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

“එන්නත ලබා දීම සඳහා රජය දැනටමත් සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන් නම් කර ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩකයන්ව මේ මොහොතේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකියි” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත.

පෞද්ගලික අංශය විසින් එන්නත් ලබාදීම ආරම්භ කළහොත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද එම පහසුකම ලබාගත හැකිබව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇතැයි Daily News වෙබ් අඩවිය වාර්තා කරයි.

”ප්‍රමුඛතා ලැයිස්තුව සඳහා අපට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් කරන්න බෑ.ඔවුන්ට COVID-19 සඳහා අවම අවදානමක් තියෙන්නෙ. ඔවුන්ට දියවැඩියා හෝ වකුගඩු රෝග වැනි රෝග කිසිවක් නෑ. ඔවුන් සෑම විටම ක්‍රීඩාව සඳහා හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්නවා. එබැවින් මගේ පුද්ගලික මතය ක්‍රිකට් ක්‍රීඩකයන්ව COVID-19 ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවයි”

“ක්‍රිකට් ක්‍රීඩකයින්ට පමණක් නොව සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකි නමුත් රජයේ ක්‍රමයට අනුව අප ඉදිරියට යා යුතුයි.”

පුහුණුකරු මිකී ආතර් හා ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් මේ වන විට නිරෝධනයට ලක්වී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අද දිනයේදී PCR පරීක්ෂණයට මුහුණ දීමට නියමිතය.