BREAKING NEWS
Search

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 232යි

215

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 232ක් රැස් කර ගත්තේය.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කිරීමට සමත්විය.

සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟයට ක්‍රීඩා කරන අශේන් බණ්ඩාර ලකුණු 50ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර ජේසන් මොහොමඩ් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තේය.

තරඟය පැවැත්වෙන්නේ නෝර්ත් සවුන්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.