ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩක ලැයිස්තුව ඉහළ යයි – තවත් තීරණාත්මක ක්‍රීඩකයෙක්ට තරඟාවලිය අහිමි වෙයි

407

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි.

ඊයේ දෙවන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානු පිල කඩුළු 04 ක් දැවී ලකුණු 317 ක් රැස්කරගෙන සිටියා.

මේ අතර අද දිනයේ ලැබෙන නව පන්දුවෙන් නිවැරදි ස්ථානවලට පන්දු යවමින් දකුණු අප්‍රිකානු කඩුලු දවාගැනීමට සැලසුම් කරන බව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ දිනයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට මෙම තරඟාවලිය අහිමි වී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් ශානක පවසා සිටියේ ඔහුගේ දායකත්වය කණ්ඩායමට නොලැබී යාම විශාල පාඩුවක් බවයි.