BREAKING NEWS
Search

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආචර් නෑ

425

මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන සහ අළු බඳුන ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් පවසයි.

දකුණතේ වැලමිටේ ආබාධයකට ලක්ව සිටින 26 හැවිරිදි ආචර් පසුගියදා ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර,මේ වන විට පුනරුත්ථාපන කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් ඉහත තරගාවලි දෙක ඉලක්ක කරමින් මෙවර ගිම්හාන තරග වාරයෙන් ඉවත් වීමට සූදානම් බව ද ඔහු කියා සිටී.

එම තරග වාරයේදී එංගලන්ත කණ්ඩායම නවසීලන්තය,ශ්‍රී ලංකාව,පාකිස්තානය සහ ඉන්දියාව සමඟ තරගාවලිය කිහිපයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර,මේ හේතුවෙන් ආචර්ට එම තරගාවලි අහිමි වනු ඇත.

“සැත්කමෙන් පසු මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ මගේ නැවත පැමිණීම ඉක්මන් නොකිරීමටයි.මොකද මගේ මුලික අවධානය යොමුව වසර අවසාන භාගයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය සහ අළුබඳුන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමයි”ආචර් පවසා තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 සහ එක්දින තරගාවලිය ජූනි 23 වැනිදා ආරම්භ වන අතර,පාකිස්තානය සමඟ ජූලි 8 වැනිදාත්,ඉන්දියාව සමඟ තරගාවලිය අගෝස්තු මස 4 වැනිදාත් ආරම්භ කිරීමට නියමිතය.