ශ්‍රී ලංකාව කොවිඩ් මර්දන කටයුතු සාර්ථකව සිදු කරනවා -WHO වෙතින් ඇගයීමක්..!

181

රී ලංකාව විසින් කොවිඩ් 19 වසංගතය පිළිබඳව වැඩි වශයෙන් ලුහුබැඳීම්, පරීක්ෂා කිරීම්, හුදෙකලා කිරීම් සහ ප්‍රතිකාර කිරීම්, සම්බන්ධ ක්‍රමෝපායන් නිවැරැදිව අනුගමනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිතයන් (ආසාදිත) සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඹා යෑමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම ඔස්සේ ආසාදිත පුද්ගලයන් නිවැරැදිව හඳුනාගැනීමට මෑතකාලීනව ශ්‍රී ලංකාව සාර්ථකව කටයුතු කර ඇති බවයි.

කොවිඩ් 19 අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පසුගිය මැයි 5 වැනිදා රසායනාගාර උපකරණ, රෝහල් උපකරණ, පෞද්ගලික ආරක්ෂණ උපකරණ සහ තවත් පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද සිදුකර ඇති බව එම නිවේදනයෙන් දැක්වේ. අමරිකානු ඩොලර් ලක්ෂ අටකට වැඩි වටිනාකමකින් යුත් එම උපකරණ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දන කටයුතු සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරස මර්දන ක්‍රියාවලියේ නිරත ශ්‍රී ලාංකික සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන දෙඅංශයේම ඉදිරිපෙළ සේවක පිරිස්වල ​පෞද්ගලික ආරක්ෂාවට අදාළ ආරක්ෂණ උපකරණ තවදුරටත් සැපයිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.