ශ්රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
නමුත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී.
පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක් එක් අය විවිධ අදහස් පැවසුවද තමන්ගේ ප්රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද මන්ත්රීවරයා පැවසීය.
එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් තිබෙන බව සදහා කර සිටියා.