ශ්‍රී ලංකාවේ 12වන කොරෝනා මරණය වාර්තා වෙයි

456

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වනවා.

නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ IDH රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරා.