ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයට ඉන්දියාවෙන් දෙවන පෙළ කණ්ඩායමක්.

572

COVID-19 වසංගතය හේතුවෙන් එය කල් දැමුණු ආසියා කුසලානය මේ වසරේ ජුනි මස අගදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති නමුත් තවමත් තරඟාවලිය සඳහා වන කාලසටහන අවසන් වී නොමැත.

මේ වන විට ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් නවසීලන්තයට එරෙහිව ජුනි මස 18 සිට 22 දක්වා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊට මුහුණ දීමට සූදානමින් සිටියි.

එය අවසන් වීමත් සමඟ නැවත වරක් එංගලන්තයේම රැඳී සිටිමින් ඔවුන් සමඟ පූර්ණ තරඟාවලියකට එක්වීමට ඉන්දියාව සැලසුම් කරයි.

කණ්ඩායමේ ඉතා කාර්යබහුල කාලසටහන මත ප්‍රධාන ක්‍රීඩකයින් සහිතව ඉන්දියාවට පූර්ණ ශක්තියෙන් යුත් සංචිතයක් නම් කිරීමට අපහසු හෙයින් ආසියානු කුසලානය සඳහා දෙවන පෙළ ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර සිටියා.

එසේම ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ අවසන් වරට 2016 දී පැවති කෙටි ආකෘතියෙන්ම (ටී ටුවෙන්ටි) මෙවර තරගාවලිය පැවැත්වේ යැයි අපේක්ෂා කරන බවයි.

@cricket News