ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ප්‍රබල එක්දින සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ

1905

ශ්‍රී ලංකා සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(19) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නම් කර ඇති මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ඔයින් මෝර්ගන් දරන අතර,ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක George Garton සංචිතය පළමු වරට කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 29 වනදා ඩර්හැම්හී දී පැවැත්වීමට නියමිතයි.

වේගපන්දු යවන ක්‍රීඩකයන් වන ජොෆ්රා ආචර්, සකිබ් මහමුඩ්, රීස් ටොප්ලී ආබාධයන්ට ලක්වීම හේතුවෙන් සංචිතයට නම්කොට නොමැත. තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ද ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත් කොට නොමැත.

එංගලන්ත සංචිතය
Eoin Morgan (c),Moeen Ali,Jonny Bairstow,Sam Billings,Jos Buttler,Sam Curran,Tom Curran,Liam Dawson,George Garton,Liam Livingstone,Adil Rashid,Joe Root,Jason Roy, David Willey, Chris Woakes, Mark Wood.