ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය මාර්තු 9ය.

ByPasindu

Jan 1, 2023

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සහභාගිවන තරග දෙකකින් යුත් පළමු ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු මාසයේදී නවසීලන්තය සමඟ පැවැත්වෙනවා.

එහි පළමු තරගය මාර්තු 9 වනදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වන අතර, දෙවන තරගය වෙලින්ටන් හිදී ආරම්භවන්නේ මාර්තු මස 17 වනදායි.

පසුගිය වසරේ අගෝස්තු මස 4 වනදා සිට ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දෙවන අදියරයේ මෙතෙක් පැවති තරග අතුරෙන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

එහි දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ තුන්වන ස්ථානයේයි.