භානුක රාජපක්ෂට තරග තහනමක්

2093

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් නියම කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ,ඔහු විසින් යූ-ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්,සිදු කරනු ලැබු ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන්.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී භානුක රාජපක්ෂ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන විවේචන ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග 2019 – 2020 වසර සඳහා ඇති කරගත්,ක්‍රීඩක ගිවිසුමේ වගන්ති උල්ලංගනය කර ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විනය කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුවයි,භානුකට ඉහත කී දඩුවම පැනවීමට තීරණය වී ඇත්තේ.

මේ අතර,අනාගත සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජෛව බුබුලක් යටතේ දැනට කොළඹ පුහුණුව ලබන 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට භානුක රාජපක්ෂ බඳවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

ඒ,ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කළ ක්‍රීඩක ශාරීරික යෝග්‍යතා පරිසාදන මට්ටම් වෙත භානුක රාජපක්ෂ ළගාවීමත් සමඟයි.

ඔහු,හෙට දින 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයේ ජෛව බුබුළට එක්වනු ඇති.

තවමත් එංගලන්තයේදි විනය විරෝධිව හැසිරුන කුසල් මෙන්ඩිස්ට,ධනුෂ්ක ගුණතිලකට සහ නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් ආයතනයෙන් කිසිඳු දඬුවමක් ලබා දී නැත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ලිපිය පහතින්,