ශකිබ් සමාව ඉල්ලයි – මා වැනි පළපුරුදු අයෙකු එසෙ හැසිරිම වැරදී

885

ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තුළදි ශකිබ් අල් හසන්ගේ නොමනා හැසිරීම සම්භන්ධයෙන් කණගාටුව පළ කර ෆෙස්බුක් සාහනක් තැබිමට ශකිබ් කටයුතු කර තිබුණි.

මේ එම සටහනේ සිංහල පරිවර්තනයකි

“ආදරණීය රසිකයන් සහ අනුගාමිකයිනී,

මගේ කෝපය පාලයන කිරිම නැති වී යාම සහ සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් නිවසේ සිට බලා සිටින අයට තරගය විනාශ කිරීම ගැන මම අතිශයින් කණගාටු වෙමි.

මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු එසේ ප්‍රතික්‍රියා නොකළ යුතුව තිබුනද සමහර විට එය අවාසනාවකට මෙන් සිදුවිය හැකිය.

මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්,කළමනාකාරිත්වය,තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම සමාව අයදිමි.

අනාගතයේදී මම මෙය නැවත නොකිරීමට බලාපොරොත්තු වෙමි.ඔබ සැමට ස්තූතියි හා ආදරෙයි SAF”

උපුටා ගැනිම ශකිබ්ගේ ෆෙස්බුක් පිටුවෙනි.