BREAKING NEWS
Search

වෙස්වළාගත් පොලිස් නිලධාරීන් ‘අද සිට’ බස්වල කරන රාජකාරිය

131

වෙස්වළාගත් පොලිස් නිලධාරීන්ව මගී ප්‍රවාහන දුර ගමන් බස් රථවල රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් විමසිලීමත් වීම සඳහා අද (05) සිට යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය, ම ත්පැන් පානය කර රිය ධාවනය,ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කිරීම සහ වෙනත් මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් විමසිලිමත්ව සිටිනු ඇති.

යම් වරදක් කළහොත් එම බස් රථය ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමුකිරීමට නියමිතයි.