වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක කැන්සල්

456

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටවීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය දිනවලදී කණ්ඩායම් තුනක් වශයෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් කරන අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුවයි ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය.

මේ අතර පසුගියදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව දැනගන්නට තිබේ.