වෙල්ලමුල්ලි යුද ස්මාරකය කඩයි

68

යුද්ධය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කිසියම් පිරිසක් විසින් කඩාදමා ඇති බව දැක තිබේ.

අද (13) අලුයම් කාලයේ කිසියම් පිරිසක් මෙම ස්මාරකය කඩා දමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි.

එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාරකයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බව දැනගන්නට තිබේ.

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම සිදුවීම සිදුව ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.