වෙලදසැල්වල තදබදයක්.බාර්වල පෝලිම්.

710

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද දිනයේ ඒ ආසන්න ප‍්‍දේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති.

ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් වල යම් තරමක තදබදයක් ඇති වී තිබෙන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටිති.

මත්පැන්හල්වලද වෙනදාට වඩා තදබදයක් ඇතිව තිබේ.

මේ වන විට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් පූර්න වශයෙන් හුදකලා කර ඇත.