වෙද නලාව අලුත් කළ ශ්‍රී ලාංකික සිසුවා.(PHOTOS)

589

වෙද නලාව අලුත් කළ ශ්‍රී ලාංකික සිසුවා.

මේ වසංගත කාලයේ භාවිත කිරීමට සුදුසු

රැහැන් රහිත වෙද නලාව

පේටන්ට් බලපත්‍රයත් අරගෙන තිබෙනවා.

Covid 19 වසංගතයෙන් වෛද්‍යවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගෙන නිපදවා ඇති මෙම වෙද නලාව වෛද්‍යවරයා සහ රෝගියා අතර දුරස්ථභාවයක් තබාගනිමින් වෛද්‍යවරයාට රෝගියා නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දෙයි.මෙම උපාංගයේ ඇති සෙන්සර් යුනිට් එක වෛද්‍යවරයාට තමන්ගේම වෙද නලාවට සම්බන්ධ කරගත හැකි අතර නාල රහිත මෙම උපාංගය මෙම කාණ්ඩයේ පළමු නිෂ්පාදනයයි.

වෛද්‍යවරයා සහ රෝගියා අතර ආසන්නව මීටර් 10 ක පරතරයක් තබා ගත හැකි අතර අවශ්‍ය නම් තත්ත්වය අනුව පරාසය වැඩි කිරීමේ හැකියාවද පවතී.
විශේෂතා
පරාසය 10m
කෝෂයේ ධාරිතාව 1500mAh (දින 30ක ආයු කාලය)
සම්පූර්ණ ආරෝපණයෙන් පසු එක දිගට පැය 18 භාවිතා කිරීමේ හැකියාව
එක් ආරෝපණයට කාලය පැය 1

මෙම උපාංගයට

Wireless Units 2ක්
USB charger cables 2ක්
Wall Adapter 1ක්
Car Charger 1ක්
User Manual 1ක් අඩංගු වේ.
1

2

3

4

5

6