වෙඩිමේ කෑම හරි නෑ කියා ගුටි ඇනගත් 4ක් රෝහලේ

165

බළන්ගොඩ ගග පාර මිරිස්වත්ත ප්‍රදේශයේදී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ක් තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම මංගල උත්සවයට පැමිණි කොළඹ ප්‍රදේශයේ පිරිස ආපසු යන අතරේ ඉන් එක් අයෙක් කෝල් එකක් දී දීපු කෑම බී ම හරිම පල් යනුවෙන් බළන්ගොඩ ඥාති පිරිසේ කෙනෙකුට පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉන්පසු ඔහු හා තවත් කෙනෙකු කෑම සංවිධානය කළ ඥාති පුතුගේ නිවසට ගොස් ජනෙල්වීදුරුවලට පහර දී කැඩුණු වීදුරු කැබැල්ලකින් තුවාල සිදු කර තිබෙන අතර එහි සිටි අය ද මොවුන් දෙදෙනාට පහර දීම නිසා සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය පිළිබඳව බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන ක්‍රියාත්මකයි.