විහාරස්ථානයක 14නමකට කොවිඩ්

444

විහාරස්ථානයක වැඩසිටින භික්ෂූන්වහන්සේ 14 නමකට හා එහි සිටි ගිහියන් 3 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ හබරාදූව ලියනගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක එම ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහියන් හඳුනාගත් බවය.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණයදී කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබුණි.

ඉන්පසු ඉකුත් 20 වනදා විහාරස්ථානයේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 3 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇත.

එහිදී මෙම නව ආසාදිත පිරිස හඳුනාගෙන තිබේ.