විශාල පිරිසකට කොරෝනා – හෙද සේවය සීමා වෙයිද ?

169

දිවයින පුරා රෝහල් බොහොමයක හෙද නිලධාරීන් විශාල පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති නිසාවෙන් රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ස්වර්ණවාහිනී “පත්තරේ” වැඩසටහනේ සඳහන් වුණා.

ජීවිත අවධානමෙන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වන මෙම හෙද කාර්ය මණ්ඩලයට කිසිදු දීමනාවක් ලබා දීමට මේ වන තෙක් රජය කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණා.

එමෙන්ම ගර්භණි හෙද නිලධාරිනියන් හට කොරෝනා එන්නත ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි අවධානමක පසු වන බවත් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළා.