විවාහයට ලංකාවට පැමිණි ‘පුතා සහ මෙරට සිටි අම්මා’ කොවිඩ් මරුවාට බිළි වේ

587

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මි’ය ගොස් ඇත.

මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මි’ය ගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මි ය ගොස් ඇත.

ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති