විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරනය කරයි

335

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බවයි ඔහු අද(16) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි හා තේරීම් කමිටුව සමග ද සාකච්ඡා කළ බව කෝලි කියා සිටියා.

එමෙන්ම මෙම තීරණය සම්බන්ධයෙන් පුහුණුකරු රවී ශාස්ට්‍රී සමග මෙන්ම උප නායක රෝහිට් ෂර්මා සමග ද සාකච්ඡා කළ බව විරාට් කෝලි නිකුත් කළ නිවේදනයේ සදහන්.

මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න

Virat Kohli Tweet