විමල් හා රන්ජන් අතර උණුසුම් තත්ත්වයක් – ශෂීගේ හඬ පටයකුත් පාර්ලිමේන්තුවට

602

අමාත්‍ය විමල් වීරවංශ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර අද (22දා) පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලය තුළ අධිකරණයට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නම සඳහන් කළේය.

ඉන් අනතුරව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය කථාව සිදුකරන විට තමන් පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේදී විමල් වීරවංශ මහතා තම නම ප්‍රකාශ කරමින් කථා කළ බව සඳහන් කරමින් සිය කථාව ආරම්භ කළේය.

එහිදී රන්ජන් රාමනායක මහතා විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය තමන් සමග කථා කළ හඬ පටයක් ඇති බව සඳහන් කරමින් එය පාර්ලිමේන්තුවේදී සිය ජංගම දුරකතනය හරහා ක්‍රියාත්මක කරවීය.

ඉන් පසුව විමල් වීරවංශ මහතා නැවතත් අදහස් දැක්වූ අතර පසුව ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.