BREAKING NEWS
Search

විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය අය…

895

20වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර ඡන්ද විමසීමේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සංශෝධනයට පක්ෂව ඡන්ද ලබා දුන්නා.

ඒ අනුව,

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩියනා ගමගේ, රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂය නියෝජනය කරන ඉශාක් රහමාන් හා අරවින්ද් කුමාර් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස්, මොහොමඩ් තවුෆික් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජන්දය ප්‍රකාශ නොකිරිම මෙහිදි සුවිශේෂි කරුණක් වුනා.