විනය කැඩූ ක්‍රීඩකයන් ඇමරිකාවට

1078

විනය කඩකිරීමේ චෝදනාවට මෑතකදී වසරක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බවට ක්‍රිකට් ආයතනයට ද නිල නොවන මට්ටමෙන් දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

කුසල් මෙන්ඩිස්,ධනුෂ්ක ගුණතිකල සහ නිරෝෂන් දික්වැල්ල මෙලෙස ඇමරිකාවට යෑමට නියමත බවත් දැනට ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු මෙහි සම්බන්ධීකරණය කරන බවත් එම උසස් නිලධාරියා කීය.

මෙම ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති රුපියල් කෝටිය බැගින් වන කෝටි තුනක දඩ මුදල මේ දක්වා ගෙවා නොමැති බවත් එය ඔවුන්ට ගෙවීමට ඇති මුදල්වලින් අයකරගත හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

Source – ලංකාදීප (යොහාන් භාසුර)