BREAKING NEWS
Search

වැවක් හදනකොට පරිසර හානි වෙනවා කියලා කෑ ගහනවා.ඒකට තමයි ගස් හිටවන්නේ – ඇමති චමල්

675

වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ,ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ,වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය,වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන” යැයි වාරී මාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ,අනුරාධපුර,තන්තිරිමලයේදී වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙරට තෙවැනි විශාලතම ජලාශය ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කරමින්ය.

දිස්ත්‍රික්ක තුනක පානීය ජල අවශ්‍යතාවන් හා අක්කර 35280 ක් දෙකන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය වාරී ජල අර්බුධයට විසඳුම් ලබා දෙමින්,මෙරට දෙවන විශාලතම ගංගාව වන මල් වතු ඔය ඇසුරින්,වාරී මාර්ග දෙපාර්තමේන්තුව තුන් වැනි විශාලතම ජලාශය ඉදි කිරීමේ කටයුතු අනුරාධපුර වාරී මාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.

දීර්ඝ කාළයක් මුළුල්ලේ වියළි කළාපයට අයත් අනුරාධපුර,වව්නියාව සහ මන්නරාම් දිස්ත්‍රික්ක ව ජනතාව දරුණු ලෙස පීඩාවට පත් වූ උග්‍ර පානීය සහ වාරී ජල අර්බුදයට විසදුම් ලබා දීම සඳහා යෝජනා වී තිබූ පහළ මල්වතු ඔය ජල ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු මෙලෙස විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,තන්තිරිමලය,බෝගොඩදී සමාරම්භ කෙරිණි.ඉදි කිරීමට යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169 000 ක් වන අතර,ප්‍රධාන බැම්මේ දිග කිලෝ මීටර 3.6 කි.බැමේමේ උස මීටර 23.5 ක් පව අතර,අරීය ගේට්ටු දහයකින් පිටවාන සමන්විත වේ.

මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13 225 වගා ප්‍රදේශ වල වගා තීව්‍රතාවය 1.2 සිට 2 දක්වා ඉහළ නැංවීම,හෙක්ටයාර 1 053වගා ප්‍රදේශය සඳහා යල මහ දෙකන්නයටම වාරී පහසුකම් සැපයීම,පානීය ජල සම්පාදනය සඳහා පිරිසිදු ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම,ධාරිතාව ගිගාවොට් පැය 468 ක විදුලි බලය නිපදවීම,ජලය මත පාවෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති හදුන්වාදීම,බලපෑමට ලක්වන්නන් සඳහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති හා අනෙකුත් ප්‍රතිලාභ,උස්සාන වාරී මාර්ග යටතේ වගා බිම් සංවර්ධනය,ජලාශයට පහළින් වව්නියා හා මන්නාරම් දිස්ත්‍රික්ක වල ගංවතුර පාලනය,ඉදි කිරීම් කාළය තු රැකියා නිර්මාණය කිරීම,සංචාරක ක්ෂ්‍රේත්‍රය දියුණු කිරීම,මිරිදිය ධිවර කර්මාන්තය සංවර්ධනය කිරීම,වන වගා ඇති කිරීම ආදිය පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලෙස හිමිවේ.

“මෙම ව්‍යාපෘතිය ඉලක්ක කර ගත්ත පරිදි,ඉතාම කෙටි කලකින්,වසර 03 ක් ඇතුළත ඉටු කරන්න හැකි වෙනවා,යන්ත්‍ර ඔක්කොම එකට වැඩ කරන කොට කඩිනමින් නිමා කරගන්න පුලුවන් වෙයි,මේ සඳහා අලුතින්ම ස්කැවේටර් 06 ක් ලැබුණා.

අපි දැදුරු ඔයේ විදුලිය නිෂ්පාදනය කරන්න හෙට ආරම්භ කරනවා.දැදුරු ඔය බලන්න ගියහම ලොකු විරෝධතාවයක් ආවා ඒ දවස් වල,පොලීසියේ වාහන දෙක තුනක් කුඩු කළා,ඒ වෙලාවේ වාරී මාර්ග නිළධාරීන්ට කිව්වේ මේකට උත්සව වැඩක් නෑ,හෙටම වැඩ පටන් ගන්න කියලා,වැව් කණ්ඩියට යටවෙන පවුල් දෙකක් හිටියා ඒ අය ජලාශය හැදෙනවාට කැමතියි.ජනතාව ඒ පරිත්‍යාගයට කැමති වුණා.අපිට අවුරුදු 03 ක් වගේ කෙටි කාළයක් තුළ විශාල ජලාශයක් හදන්න පුලුවන්කම ලැබුණා.ඒ මගින් පවුල් 27 000 කට පමණ සෙත සැලසෙනවා.භය වෙන්න දෙයක් නෑ,සහල් නැලිය හැටියට ප්‍රසිද්ධ මන්නාරමේ යෝධ වැවට දෙකන්න වගා කරන්න ජලය සපයන්න අපිට පුලුවන්කම ලැබෙනවා.අපි අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න ඕන,අපි හැමෝටම තියෙන්නේ එක හා සමාන ප්‍රශ්න.

හැම තැනම ජනතාව ඉල්ලන්නේ ජලය,ජලය ඉල්ලන ජනතාව තමයි ජලයේ වටිනාකම දන්නේ,ජලාශ හැදුවාම,අනිත් අයට පානීය ජල යෝජනා ක්‍රම හැදිලා ගෙදර කරාමය ඇරියම ජලය ලැබෙනවා,වතුරේ අමාරුව දුක් විදින එක දන්නේ නෑ,ඒ අය වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ,ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ,වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය, වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන.

මේ ජලාශය සඳහා ලොකු පරිත්‍යාගයක් කරනවා පවුල් 204 ක්,අපි මේ 204 සම්පූර්ණ වගකීම භාර ගන්නවා,ඒ අයට අවශ්‍යය සියලුම දේ දෙනවා,අපි දෙකන්නයක් වගා කරන කොට,උස්සාන ක්‍රමය මගින් මේ රටේ ජනතාවට අවශ්‍යය ආහාර නිෂ්පාදනය කෙරෙන කොට,අර පවුල් වලට අපි හොඳම ඉඩම් ටික දෙනවා,අපි ගෙවල් හදලා දෙනවා.අපි ඒ අයගේ පරිත්‍යාගයට උපකාරයක් කරන්න ඕන,රටට අවශ්‍යය අහාර සපයන්න පරිත්‍යාග කරන අයගේ ආශිර්වාදය අපිට අවශ්‍යය වෙනවා.ඒ අයට ප්‍රණාමය අපි පුද කරනවා.

සමහර වෙලාවට යල් පැණ ගිය නීතී නිසා වැඩ කරන්න බැරි වෙනවා,ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය කරන්නේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමයි, ඒ නිසයි අර පහුගිය කාළයේ අවශේෂ කැලෑ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණේ.මේ දිස්ත්‍රික්කයේ වගේම අපේ දිස්ත්‍රික්කයෙත් විශාල වශයෙන් ජීවත් වෙන්නේ හේන් ගොවිතැන් කරලා.ඒ අයට වෙනත් රස්සාවක් කරන්න පුළුවන් නම් හේන් කොටන්න යන්නේ නෑ,අපිට ලැබෙන තල,මෙනේරු කුරක්කන් ලැබෙන්නේ ඒ අය නිසා,ඒ අය විශාල ගස් කපලා හේන් කරනවා නම් ඒකට ඉඩ දෙන්නත් බෑ,

ඒ නිසා ජනාධිපතිතුමන්ට මේ ප්‍රශ්නය කියන කොට දිසාපතිතුමන් භාරයේ තිබුණ අවශේෂ කැලෑ 2001 වර්ෂයේ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත්තේ,ඉන් පසු අවුරුදු 25 ක් 30 ක් ගියාට පස්සේ විශාල ගස් හැදිලා තියෙනවා.නමුත් ඒ ගස් වලටත් හානි නොකර නැවත වරක් හේන් ගොවිතැන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.කන්නයක් හේන් ගොවිතැන් කලොත් කන්න දෙකක් නිකං අත්හැරලා දාන්න කියලා තියෙනවා.මේ හැම දේම කරන්නේ ජනතාවට ආදායම් මාර්ග සලස්වන්න”

තිසර සමල්
– ADA