වැඩිවන විදුලි බිල ගැන ඇමතිගෙන් අනාවරණයක්

ByPasindu

Dec 5, 2022

විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වය කිරීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියක් 29.14ක් බව ඔහු පවසයි.

එබැවින් වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසීය.

මෙරට ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6.709,574ක් සිටින බව ඔහු කීය.

අමාත්‍යවරයා පළ කර තිබූ විදුලි ගාස්තු පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.