BREAKING NEWS
Search

වාහන ගන්න අයට සුබ ආරංචියක් – ලීසිං පහසුකම් ඉහළට

278

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මෝටර් රථ ලීසිං ප්‍රතිශතය 80% කිරීම පිලිබඳ අවධානය යොමු කෙරුණා

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා

ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකර ඇත්තේ පසුගිය 17 වනදාය.

මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර තිබෙනවා

මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව,පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.