BREAKING NEWS
Search

වාර්තා පොත් අළුත් කරමින් වනිඳු හසරංගගෙන් ලෝක වාර්තාවක්.

1494

මෑතකදී ශ්‍රී ලංකා පිලෙන් හමුවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වනිදු හසරංග බව ඔබත් මමත් සියලු දෙනාම දන්නා කරුණකි.

මෙවර බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සංචාරයයේදී ඔහු,

1.පළමු තරඟයේදී කඩුළු 3 කුත්
2.දෙවන තරඟයේදී කඩුළු 3 කුත්
3.තුන්වන තරඟයේදී කඩුළු 2 කුත්

සමඟින් මුළු කඩුළු 8 කට හිමිකම් කීවා.

තරග 3 කින් සමන්විත හෝ ඊට අඩු විස්සයි විස්ස තරගාවලියකදී ප්‍රතිවාදී පිලට එරෙහිව ඔවුන්ගේ රට තුළ අවස්ථා දෙකකදී කඩුළු 8 කට වැඩියෙන් ලබාගත් ලොව පළමු හා එකම පන්දු යවන්නා බවට වනිදු හසරංග අද සමත් වුණා.