කොරෝනා රොගීන් ගණන වැඩිවේ – කන්දකාඩු පොකුරෙන් තවත් 5ක්

546

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් අද රාත්‍රී 7.30 වනා විට වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කාර් සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ කුවේටයේ සිට පැමිණි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මිට අමතරව කන්දකාඩු  පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිව තිබෙන නව පොකුරෙන් අද දිනයේදී රෝගීන් 05 දෙනෙකු වාර්තා වී ඇත.

එලෙස වාර්තා වූ රෝගීන් වන්නේ රාජාංගනය, හබරාදුව සහ ලංකාපුර ප්‍රදේශවලින් එක් රෝගියෙකු බැගින් හා වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.