වසර 7කට පෙර රිය අනතුරකින් මිය ගිය සුපිරි නළු පෝල් වෝකර්ගේ ආදරණීය දියණිය, අන්තර්ජාලයට එක් කළ ඡායාරූපය, ලොවක් සංවේදී කරයි

684

Fast and Furious කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සුපිරි කඩවසම් නළු පෝල් වෝකර්ව ඔබට අමතක වෙන්න විදිහක් නැහැ.

2013 වසරේ නොවැම්බර් මාසයේ ඔහු රිය අනතුරකින් මිය ගියේ ඔහුගේ සියළු ප්‍රේක්ෂකයන් දුකට පත් කරමිනුයි.

ලොවක් ආදරය කළ මේ සුපිරි නළුවාගේ මරණය සිදු වී වසර හතක් එළඹෙද්දි ඔහුගේ දියණිය විසින් අපූරු ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා.

ඒ ඇය කුඩා කාලයේ පියාගේ තුරුළට වී සිටිනා ආදරණීය ඡායාරූපයක්.

“ඔහු මගේ දේවදූතයා. ඔහු නිතරම අපිත් එක්ක ඉන්නවා. ඔහු මගේ තාත්තා මෙන්ම හොඳම මිතුරා…!!” යනුවෙන් ඇය ඇගේ ඉන්ස්ට්ග්රෑම් පිටුවේ සටහන් කර තිබුණා.

මේ වන 22 වන වියේ පසු වන පෝල් වෝකර්ගේ දියණිය මීඩෝ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.

Dailymail ඇසුරිනි.