වසර 12කට පෙර අමිහිරි අත්දැකීම් ලැබූ නවසීලන්ත පිතිකරන පුහුනුකරු නැවත පාකිස්තානයට

1476

පාකිස්තානය සමග එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 5කට සහභාගිවන නවසීලන්ත කණ්ඩායම පාකිස්තානය වෙත ගොස් තිබෙනවා.අවසන් වරට නවසීලන්තය පාකිස්තානය තුල තරගාවලියකට සහභාගී වී ඇත්තේ මීට වසර 18කට පෙර 2003 වසරේදීයි. එසේම නවසීලන්ත පිතිකරන පුහුනුකරු තිලාන් සමරවීර වසර පාකිස්තානය වෙත ගොස් තිබෙන්නේ වසර 12කට පසුවයි.

2009 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාකිස්තාන සංචාරයක නිරත් වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍’රස්ත ප්‍ර’හාරයකට ලක්වුනා.එම ප්‍ර’හාරයෙන් තිලාන් සමරවීර දරුනු ලෙස තුවාල ලැබූ අතර සති දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමටද සිදුවුනා.

 පාකිස්තාන සංචාරය තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායම සමග සහභාගිවන  දෙවන තරගාවලියයි.මීට පෙර නිමාවූ බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් සිය සේවාව නවසීලන්ත කණ්ඩායම වෙත ලබාදුන්නා

-Ajith Roshantha ( batsman.com)