වසර 10ක් දිනකට මිනිත්තු 17ක් ජංගම දුරකතනය භාවිතයෙන් සිදුවන දේ

338

දෛනිකව මිනිත්තු 17 බැඟින් වසර 10ක කාලයක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම 60% ගුණයකින් ඉහළ යන බව වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකළ අධ්‍යනයකින් හෙළිවී තිබේ.

ඇමෙරිකාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් විසින් ජංගම දුරකථන භාවිතා කරන්නන් සහ සෞඛ්‍ය පිළිබඳව සිදුකළ විවිධ අධ්‍යයන හතලිස් හයක සිදුකළ විශ්ලේෂණයක් අනුවයි මේ බව හෙළිවී ඇත්තේ.

වසර දහයක් තුළ පැය 1000 ක් හෝ දළ වශයෙන් දිනකට මිනිත්තු 17 ක සාමාන්‍යයක කාලයක් ජංගම දුරකථනයක් භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම 60% කින් වැඩි වූ බවයි එම අධ්‍යනයෙන් තහවුරු කරන ලද්දේ.

පර්යේෂකයන් පවසන අකාරයට ජංගම සංඥා වලින් නිකුත් වන විකිරණ සෛලීය යාන්ත්‍රණයන්ට බාධා කිරීමෙන් මොලයේ ආතතිය සහ ප්‍රෝටීන නිර්මාණය කිරීමට හේතුවන ෘභ් වලට හානි, පිළිකා සහ සෛල මරණයට පවා හේතුවන බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

ජංගම දුරකථන භාවිතය පිළිබඳ පුළුල් චිත්‍රයක් ලබා ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය යන රටවල මීට පෙර කරන ලද අධ්‍යයනයන් බර්ක්ලි සරසවියේ විශේෂඥයින් විසින් මෙහිදී අධ්‍යයන කර තිබේ.

2011 වසරේදී නිවාසවලින් 87%ක ජංගම දුරකථන තිබු අතර එය 2020 වර්ෂය වන විට 95% දක්වා ඉහළ ගොස් ඇති බව අධ්‍යයනවලින් හෙළිවී ඇත.

මෙම පර්යේෂණය සිදුකළ බර්ක්ලි සරසවියේ ජොයෙල් මොස්කොවිට්ස් සඳහන් කලේ පුද්ගලයින් ජංගම දුරකථන භාවිතා කරනු ලබන කාලය අවම කළ යුතු බවත්, එම උපාංග හැකිතාක් සිය සිරුරෙන් ඈතට වන්නට තබා ගැනීම වැදගත් වන බවයි.

එමෙන්ම දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී හැකිතාක් ඔවුන්ගේ ශරීරයෙන් රැහැන් සහිත දුරකථන භාවිතා කිරීමට උත්සුක විය යුතු බවට ඔහු පෙන්වා දී ඇත.