වසර 07 කැපවීමේ ප්‍රථිපලය:ලංකාවේ සුපිරි දක්ෂයෙකුගේ වැඩක් (PHOTOS)

338

වසර 07ක කාලයක් ඉවසීමෙන් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න අද කාලේ හැමෝටම බැහැ. හේතුව විවිධ හැලහැප්පීම්, ගැටළු නිසා අපේ අරමුණ වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් ඉලක්කය කෙසේ වෙතත් අරමුණ අමතක කරලා ලේසි මාර්ගයකින් දියුණු වෙන්න උත්සහ ගන්නවා.

පැරණි වාහනයක් ඇප් එකකින් හසුරුවන්න වසර 07ක කාලයක් මහන්සිවී වැඩකරපු අපේ කාලයේ සුපරි වැඩකාරයෙක් ගැන අපුරු ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඒ සුපිරි වැඩකාරයා නවින් එනුෂන් එදිරිසිංහ.

මේ ඔහු සම්බන්ධයෙන් පලවී තිබු ෆේස්බුක් සටහනේ උපුටා ගැනීමයි…

App එකත් තමන්ම හදලා, පරණ car එකක් modify කරලා, ඒකෙ එන controls ඔක්කම app එකෙන් control කරන්න පුලුවන් විදියට තනියම හදපු අපේම කොල්ලෙක්.. 🥰🥰🥰

එකදාස් නවසිය බාරගනන් වල ඉදන් හදනකම් බලාගෙන ඉන්න වාහනේ 🚕. ඔන්න වැඩ ඉවරයි .

Fully Automated NisanDatsun B211 😍

අපි වැඩක් පටන් ගත්තාම කීයෙන් කී දෙනාද ඒක ඉවර වෙනකන් ඉවසීමෙන් කරන්නේ. සමහරු ඉන්නවා එක පැයක් වත් එකම වැඩේ කරන්න බැරි.. ඒත් මම මේ කියන්නේ අවුරුදි 7 ක මහන්සියක ප්‍රථිපලයක් ගැන. 2014 දී පටන් modify කරන්න පටන් ගත්ත වාහනේ මේ වෙනකොට හදලා ඉවරයි.. ඒ අපේ නවීන්..

Naveen ව මම අඳුනන්නේ ios app developer කෙනෙක් විදියට, අවුරුදු 26ක් වෙන නවීන් මේ වගේ දෙයක් කරන්න idea එක ආව දවසේ ඉඳලාම ඒ හැමදේම තනියම කරන්න පටන් අරගෙන තියෙන්නේ, මේ car එක modify කරන්න

පටන් අරන් තියෙන්නෙ 2014, ඒ කියන්නේ එයාට වයස 19දී, එදා ඉඳලා හැමදේම තනියම තමන්ම හදාගෙන වැඩ ටික කරලා තියෙන්නෙ,
විශේෂම දේ තමයි, වාහනයක් කියන්නේ වැඩ ගොඩක එකතුවක්. ඒ හැම වැඩේම එකම එක්කෙනෙක් කරනවා කියන්නේ ටිකක් අමුතුයි නේද? ඒත් නවීන් Fiber glass වැඩ,

Electronic වැඩ, Paint වැඩ, Michanic වැඩ හැමදේම කලේ තනියම. ඒ වගේම ඒ හැමදේම ඉගෙනගත්තෙත් internet එකෙන්. සහ යාලුවොන්ගෙන්. ගෙදර අයගේ උදව්වත් එක්ක නවීන් එයාගේ වැඩේ අවුරුදු 7 කට පස්සේ ඉවර කරලා. 😍

මේ වාහනේ Self strat, Power shutter, Power mirror ඔක්කම control වෙන්නේ app එකකින්. ඒ app එක හැදුවෙත් නවීන් ම තමයි. ඒ වගේම key less, වාහනේට set කරලා තියන ipad එකෙන් හැමදේම control කරන්න පුලුවන් වගේම ඒක unlock වෙන්නේ phone eken. Controls ඔක්කම නවීන් තනියම හදලා තියෙන්නේ, ESP 32 device එක use කරලා.

අවුරුදු 7ක් මහන්සි වෙලා කරපු වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලාම photo, video එක්කම නවීන්ගේ facebook profile එකේ ඇති. මාරම සතුටුයි නවීන්. ඉස්සරහට මීටත් වඩා සුපිරි දෙයක් කරන්න ඔයාට පුලුවන්. ඉගෙනගන්න මේ තරම් internet එකේ resources තියෙද්දි ඒවගෙන් වැඩක් ගත්ත නියම කොල්ලෙක්, සුභ පැතුම් නවීන්…