වනිඳු පිළිබඳ RCB නිළ වෙබ් අඩවියෙන් පවා පුවත් පල කරයි

5493

මෙවර IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ අතරම ඉන් පසුව තීරණය වූයේ තරඟාවලියෙ එළඹෙන සැප්තැම්බර් මස 19 වනදා ආරම්භ වීමටයි. නමුත් එංගලන්ත, ඕස්ට්‍රේලියා වැනි කණ්ඩායම් වල ක්‍රීඩකයන් විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ තබාගෙන පැමිණීමට අකමැති වීම නිසාම ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආදේශන සිදු කිරීමට IPL කණ්ඩායම් මේ වන විටත් ලහි ලහියේ සූදානම් වන අයුරු දක්නට ලැබේ.

ඒ අනුව යමින් පැතිර යන පුවත් දුටු විට හැඟෙන්නේ වනිඳු හසරංගව මෙවර IPL සඳහා එක් කර ගැනීමට වඩාත් වැඩි ඉඩ කඩක් පවතින බවය. නමුත් ඔහු එක්වන්නේ කුමන කණ්ඩායමටද යන්න තවමත් ප්‍රශ්නයකි. නමුත් වනිඳු පිළිබඳව මේ වන විට වැඩිම අවධානයක් යොමු කර සිටින කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින්නේ Royal Challengers Bangalore කණ්ඩායමයි.

කෙසේ හෝ වනිඳු හසරංගව RCB කණ්ඩායම විසින් ඔවුන්ගේ කළින් සිටි ඕස්ට්‍රේලියා ජාතික පා දඟ පන්දු යවන්නා වන Adam Zampa හට ආදේශය ලෙසින් ගෙන එනු ඇති බවටද ඉන්දීය මාධ්‍ය ඔස්සේ පැතිර යන අයුරු දක්නට ලැබුණි.