වනිඳු තවදුරටත් ICC ශ්‍රේණිගතකිරීම්වල දෙවන ස්ථානයේ

567

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තවදුරටත් දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.ඒ ප්‍රසාද ලකුණු 764 ක් ලබා ගනිමින්.

කෙසේ නමුත් තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 792 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටබ්රෙයිස් ෂම්සියි.ඒ අනුව වනිදු හසරංග ෂම්සිට වඩා ප්‍රසාද ලකුණු 28 ක් පිටුපසින් සිටිනවා.

මේ අතර ලක්ෂාන් සඳකැන් විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල 14 වන ස්ථානයේ සහ දුෂ්මන්ත චමීර 18 වන ස්ථානයේ පසුවනවා.