මට සිහින දෙකක් තියෙනවා. එකක් IPL ගහන්න.

313

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් දෙකකින් තමන්ට ආරාධනා ලැබී ඇති බව වනිඳු හසරංග පවසයි.

ලසිත් මාලිංග සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග,

“මට සිහින දෙකක් තියෙනවා. එකක් IPL ගහන්න. අනිත් එක එංගලන්ත කවුන්ටි එකක් ගහන්න IPL කණ්ඩායම් දෙකකින් විතර මට කතා කරා. තාම එයාලා මට කිසිම දෙයක් එවලා නෑ. එයාලා තාම ඒක කතා කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා මට IPL චාන්ස් එකක් ආවොත් යන්න. මොකද මම තාම ක්‍රීඩා කරලා තියෙන්නේ  T20 තරඟ විතරයි. ඒකත් පොඩි තරඟ ප්‍රමාණයක් තිබුණේ. IPL වගේ තරඟාවලියක් යනවා කියන්නේ මං හිතන්නේ මට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් කියලා. මට තාම අවුරුදු 27යි. මට ගිහින් IPL වගේ තරඟාවලියක් සෙල්ලං කරලා ලබාගන්න අත්දැකීම මං හිතන්නේ නෑ වෙන කිසිම තැනකින් ගන්න පුළුවන් කියලා. ලෝක කුසලානය තියෙන්නෙත් ඩුබායිවල. මම ඩුබායිවල T10 එක විතරයි තාම ගහලා තියෙන්නේ. IPL එකත් ගහන්නේ ඩුබායිවල නිසා මට ඒකත් ලොකු වාසියක් වෙයි. ගියත් මට තරඟ 7 – 8ක් වගේ තමයි තියෙන්නේ. ඒ අවස්ථාව කොහොම හරි ගන්න බලනවා. ඒ අත්දැකීම ගොඩක් වටී මගේ ඉස්සරහ ක්‍රිකට් ජීවිතයට.”