වනිඳුට ඉන්දියාවෙන් ඉල්ලුම් !

675

ICC ලෝක එක් දින ‌පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක- 03 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දියානු IPL ක්‍රිකට් කණ්ඩායම් වලට බඳවා ගන්නා ‌ලෙස ඉල්ලමින් ලොව පුරා සිටින ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගෙන් TWITTER පණිවුඩ නිකුත් වෙමින් තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවති ප්‍රථම T 20 තරඟයේදී සුපිරි දස්කම් අතරට පැමිණි වනිඳු ලකුණු 28 කට කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විිය.

Covid -19 වසංගතය හේතුවෙන් පසුගිය මැයි මසදී අතරමග නවතා දැමූ IPL 2021 තරඟාවලියේ ඉතිරි තරඟ ලබන සැප්තැම්බර් 19 දින සිට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.