වනිදු 20-20 පන්දු යවන්නන් අතර තවදුරටත් ඉදිරිය​ට

1829

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද විස්සයි විස්ස ⁣පන්දු යවන්නන් ශේණි ගත කිරීමේ සිව් වන ස්ථානය දක්වා ඉහලට පැමිණිමට ශ්‍රි ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.

පසුගිය දිනවල පැවති බංග්ලාදේශය සංචාරය හා එංගලන්ත සංචාරයේදි වනිදු දැක් වූ ඉහල දක්ශතා ඔහුව මෙමෙ ශේණිගත කිරීම්හි ඉහලට පැමිණීමට විශාල රැකුලක් වී තිබෙනවා.

ඔහු මීට පෙර මෙම ශේණිගත කිරීමේ 5ස්වන ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන යක් ඉදිරියට පැමිණෙමින් සිව් වන ස්ථානය දක්වා පැමිණීමට වනිදුට හැකි වී තිබෙනවා.

වනිදුට අමතරව දඟ පන්දු යවන ක්‍රිඩක ලක්ශාන් සඳකැන් ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මෙම ශේණිගත කිරිමේ 13වන ස්තානයේද රැඳී සිටිනවා.