වනිදු හසරංග වෙනුවට කණ්ඩායමට ගෙන ආ නවකයා

6253

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය අතර කාලයේ පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන්නේ නැහැ.

කෙසේ නමුත් ඔහු එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සූදානමින් සිටියද, හසරංග හට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එයට පෙර සූදානමක් ලෙස සුමින්ද ලක්ෂාන්ව සංචිතයට කැඳවා තිබෙනවා.

සුමින්දත් ලෙග් බ්‍රෙක් පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙක් ලෙස කණ්ඩායමට එක්විමට නියමිතයි. වනිදුට විස්සයි විස්ස තරඟාවලිය එක් විමට නොහැකි වුව හොත් ඔහු කණ්ඩායමට පැමිණිමට නියමිතයි.